සිංහල කුල ධුරාවලිය
සිංහල කුල ධුරාවලිය
සිංහල
කුල ක්‍රමය පිළිබඳව ලියැවුණු බයිබලය ලෙස සැලකෙන Caste in Modern Ceylon නැමැති
කෘතිය ලියු බ්‍රයිස් රායන් පෙන්වා දෙන අකාරයට ජාතිය සහ සංස්කෘතිය සම්බන්ධයෙන්
මෙන්ම කුලය සම්බන්ධයෙන්ද සිංහලයන් ඉන්දියාවේ දරුවන්ය.16වන සියවසේ දි දිවයිනේ බටහිර
වෙරළබඩ තීරය පෘතුගිසින්ට නතු වන තෙක්ම සිංහලයන් සංස්කෘතිමය වශයෙන්ද,දේශපාලනික වශයෙන්ද ඉන්දියාවේ බලපැමට දැඩි ලෙස යටත් විය.ස්වායත්ත,වෙන් වෙන්ව පවත්නා සමාජයක් රටේ ගොඩනැගුනේ විවිධත්වය සහ ආංශික හුදකලා බාවය
යන අංශ දෙකෙන්ම ඉන්දියානු විශිෂ්ඨ ප්‍රභේදයන්ගේ තහවුරු වීමේ බලපැම දිවයිනට ගෙන
ඒමෙනි.ඒ අනුව පැහැදිලි වන්නේ ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාවට සමාන නමුත් ඊට වෙනස් ව
දේශිය සම්භව සහිතව බිහි වු බවයි.
ඇතැම් උගතුන් දක්වන්නේ සිංහල කුල ක්‍රමයේ
ඓතිහාසික රූපාන්තරය හින්දුන් අතර ඇති චතුර්වර්ණ ක්‍රමයට සමාන කිරිමට උත්සාහ
කරති.නමුත් මෙහිදි මුහුණ දිමට සිදුවන ප්‍රධාන ගැටළුව වන්නේ ඉන්දිය කුල ක්‍රමයේ ඇති
ශුද්‍ර කුලයක් ලංකාවේ කුල ක්‍රමයේ දක්නට නොලැබීමයි.සමස්ථයක් වශයෙන් සලකා බලද්දී
ලංකාවේ සිංහල කුල සංයුතිය ඉන්දියානු ආභාසය සහිතව,ලංකාවට විශේෂිතව නිර්මාණය
වුයේ යැයි කීම වඩාත් උචිත වන්නේ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු බලපැම්ද සහිතව
ලංකාවේ දේශිය ජන කොටස්ද ඇතුළත් කර ගනිමින් සිංහල කුල ක්‍රමයේ ආකෘතිය සකස් වී ඇති
නිසායි.කෙසේවෙතත් උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු ආභාසය කොපමණකට ලැබුනත් සිංහල
කුල ක්‍රමය ආගමික පදනමකින් යුක්තව ස්ථාපිත නොවීය.ඒ තත්වය නිති නිඝන්ඩුව අධ්‍යනය
කිරිමේදි මනාව පැහැදිලි වේ.
අතීත ස්වාභාවය කෙසේවෙතත්
මහනුවර යුගය වන විට කුලය යන්න සිංහල සමාජය තුළ රාඡ්‍යයේ අනු දැනුම සහිතව වෘත්තීමය
කොටස් ලෙස සංවිධානය වී තිබුණි.ඒ ඒ කුලවල අයත් වැඩ කටයුතු තිරණය කිරිම සඳහා රජුට
නිත්‍යානුකුල අයිතියක් ඇතැයි ද මහනුවර යුගයේදි විශ්වාස කරනු ලැබීය.ඇතැම් විටක යම්
කුලයකට හෝ කුලයන්ට අයත් පවුල් කීපයකට දෙනු
ලබන දඩුවමක් වශයෙන් පැවරු කුල සේවා වලින් වෙනත් කුල සේවාවකට,බොහෝ
විට කරන ලද කාර්යයට වඩා අඩු පිළිගැනිමක් සහිත කාර්යයකට මාරු කිරිමට රජුට අයිතිය
තිබුණු බවද හඳුනා ගත හැකිය.එහෙත් පහත් කුලයකින් උසස් කුලයකට පැමිණවීමට බලයක් රජුට
නොවු බව එම්.යු. ද සිල්වා සඳහන් කරයි.නමුත් රටට අලුතින් සංක්‍රමණය වුවන් හා
වැද්දන් වැනි සමහර සමාජ කණ්ඩායම් රජුගේ අභිමතය මත උසස් කුල වලට අන්තර්ග්‍රහනය
කිරිමට රජුට හැකි වු බව තහවුරු කරන උදාහරණ රැසක් හඳුනාගත හැකිය.
මහනුවර යුගය වන විට
සංවිධානය වී තිබු සිංහල කුල ධුරාවලියේ ඉහළම ස්ථානය ගොවි කුලයට හිමි විය.බුදු සමයේ
ආභාසය නිසා නිර්මාණවාදි බමුණු ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරමත්, බුදු
සමයේ ආභාසය නිසා කෘෂිකර්මාන්තය ධාර්මිකම ආර්ථික ක්‍රියාවලිය ලෙස ඇගයිමට ලක්වීමද ගොවි
කුලයට මේ ප්‍රමුඛ තැන ලැබීමට හේතු වන්නට ඇත.දකුණු ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය
වී ගොවි කුලයට අන්තර්ග්‍රහණය වු සමහර වංශවත් කුලවල වැදගත්කම ද ලංකාවේ ගොවි කුලයේ
සමාජ තත්වය වර්ධනය වීම සඳහා හේතු වු බව එම්.යු.ද. සිල්වා සඳහන් කරයි.මේ අකාරයට
ඉන්දියානු වංශවත් කුල වලට අයත් සංක්‍රමණිකයන් ගොවි කුලයට අන්තර්ග්‍රහණය වීමත්,අතිතයේ දී බලවත් සහ වෙනම ම සමාජ කණ්ඩායමක් වු වැද්දන් ද සැලකිය යුතු ප්‍රමාණයක්
මහනුවර යුගයේදි ගොවි කුලයට අන්තරග්‍රහණය වීමත් නිසා ගොවි කුලය වැදගත්කමින් ඉහළ
ගියා සේම සංඛ්‍යාවෙන්ද විශාල විය. මහනුවර යුගයේදි ගොවි කුලයේ වැදගත්කම සහ බලවත්කම
කොතරම් වීද යත් ඔවුන් රාජ්‍ය සේවයේ ද වැදගත් තනතුරු විශාල වශයෙන් හිමි කර ගත්තේය.
සිංහල කුල ධුරාවලිය
පිළිබඳව සලකා බැලිමේදි බ්‍රයිස් රායන් 1950 දශකයේ මුල් භාගයේ ලියු “Caste in Modern
Ceylon” කෘතියේ සඳහන් තොරතුරු වඩාත් විශ්වාසනීයත්වයෙන් යුක්ත බව
පෙනේ.කෙසේ නමුත් රායන්ගේ කෘතියේ සඳහන්ව ඇති සමහර කුල වර්තමානය වන විට සිංහල කුල
ධුරාවලිය තුළ දක්නට නොමැති බව අමතක නොකළ යුතුය.ලංකාවේ සිංහල කුල ක්‍රමය ඓතිහාසිකව
නිර්මාණය වී ඇති අකාරය සංකිර්ණ ස්වාභාවයකින් යුක්ත වනවා සේම ඒ ඒ කුල සිංහල
ධුරාවලිය තුළ හිමි කරගෙන ඇති ස්ථානය ද ව්‍යාකුල ස්වාභාවයකින් යුක්තය.මෙවැනි
තත්වයකට මුලික හේතු ලෙසින්,
·
සිංහල කුල ධුරාවලියේ ප්‍රමුඛ කුලයේ තත්වය පළිබඳ කරාව
කුලය වැනි කුල සෑහෙන කලක් තිස්සේ ප්‍රශ්න කිරිම.
·
ලංකාවේ සිංහල කුල ක්‍රමය පිළිබඳව පෘතුගිසින්ගේ යුගයේ
සිටම තබන ලද සටහන් වලදි සිංහල කුල ධුරාවලිය සම්බන්ධයෙන් වු ඒකමතිකත්වයක් එම සටහන්
ලියු ලේඛකයන් අතර නොමැති වීම.
·
සිංහල කුල
ධුරාවලියේ සිටින ඇතැම් කුල ඔවුන් පෙර සිටි තත්වයෙන් පහළට වැටිම.(උදා.
- අචාරි කුලය)
·
ඇතැම් කුල සිමා සහිත ප්‍රදේශ කීපයකට පමණක් සීමා විමත් සහ
මේ අනුව සිංහල ප්‍රජාවන් විසිරි ඇති සෑම ප්‍රදේශයක්ම පිළිබඳව අවධානය යොමු නොකරමින්
සිංහල කුල ධුරාවලිය නම් කිරිමට ඇතැම් ලේඛකයන් කටයුතු කර තිබිම.
·
ප්‍රධාන කුලයකට අයත් ඇතැම් කුල ස්වාධීන කුල ලෙස සැලකිමට
ඇතැම් ලේඛකයන් පෙළඹි සිටිම.
·
ඇතැම් කුල කාලයාගේ ඈවැමෙන් පහළ තත්වයට වැටීම.
·
අතිතයේදි පැවති ඇතැම් කුල වෙනත් කුල වලට අන්තර්ග්‍රහනය
වීම.
·
කුලය වියැකි ගොස් ඇතැයි කියන වර්තමානයේ පවා සිංහල කුල
ධුරාවලියේ සිටින ඒ ඒ කුල තම තමන් නුතන සිංහල කුල ධුරාවලිය තුළ සිටින ස්ථානය ඉහළ
නංවා ගැනිමට උත්සහා කිරිම සහ තමන්ට වඩා ඉහළින් සිටින කුල වල තත්වය ප්‍රශ්න කිරිම.
·
සමහර කුඩා කුල කණ්ඩායම් කාලයාගේ ඇවැමෙන් වෙනත් කුල
කණ්ඩායම් වලට අන්තර්ග්‍රහනය වීම.
·
කුල ප්‍රජාවන් විසින් සිදු කළ කුල කාර්යයන් තවදුරටත්
ඔවුන් විසින් සිදු නොකිරිම.
·
අභ්‍යන්තරික වශයෙන් රට තුළ සිදුවන සංක්‍රමණයන් නිසා ජනකොටස්
මිශ්‍ර විම සහ අනෙක් කුලවල තත්වයන් තමන් වෙත ආරෝපණය කර ගැනිම(බ්‍රයිස්
රායන් 1953 දි සිංහල කුල ධුරාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සටහනේ සිටි සන්නාලි,පනික්කි,පන්නදුරයි,වැනි
කුල මේ වන විට හඳුනා ගැනිමට අතිශයින් අපහසුය.)
කෙසේ වෙතත් බ්‍රයිස් රායන් සහ ජැනින්ස් ජිගින්ස් විසින්
ඉදිරිපත් කරන තොරතුරු සහ තමන්ගේම ක්ෂේත්‍ර පර්යේෂණ අත්දැකීම් ද පදනම් කොට ගනිමින්
කාලිංග ටියුඩර් සිල්වා (1997) සිංහල කුල සංයුතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති
ආකෘතිය නූතන ශ්‍රි ලංකාවේ කුල ධුරාවලිය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා වුවකි.
පහතින් දැක්වෙන එම ආකෘතියේ ඉහළ සහ පහළ
මට්ටම් සම්බන්ධයෙන් එකගතාවක් ඇතත් අතරමැදි මට්ටම් වල තත්වය පිළිබඳව පවතින්නේ ව්‍යාකූල
අදහස් බව කාලිංග ටියුඩර් සිල්වා (1997) සඳහන් කරයි.
|
තත්ව අනුපිළිවෙළ(දළ වශයෙන්) |
කුලයේ නම |
පාරම්පරික වෘත්තීය |
මුලු සිංහල
ජනතාවේ % ලෙස(ආසන්න වශයෙන්) |
|
|
01 |
ගොවිගම |
01.රදල |
ඉඩම් හිමි
ප්‍රභු |
0.001 |
|
02.ගොවි |
නැත |
49.000 |
||
|
03.පට්ටි |
ගව පාලනය |
0.001 |
||
|
02 |
කරාව |
මසුන් මැරිම |
5.000 |
|
|
03 |
සලාගම |
කුරුදු
තැලීම |
3.000 |
|
|
04 |
දුරාව |
රා මැදීම |
2.000 |
|
|
05 |
හුණු |
අළු හුණු
කර්මාන්තය |
0.002 |
|
|
06 |
අචාරි/නවන්දන/ගල්ලදු |
රන්-රිදි, පිත්තල
කම්මල් වැඩ |
1.000 |
|
|
07 |
හේන/රදා |
රෙදි සේදිම |
3.000 |
|
|
08 |
වහුම්පුර/හකුරු
|
හකුරු සැදීම |
12.500 |
|
|
09 |
කුඹල්/බඩහැල |
වළන් සැදීම |
2.500 |
|
|
10 |
පන්න/දුර |
බටපොතු
කර්මාන්තය,ඇත් ගොව්වන් |
0.300 |
|
|
11 |
නැකැති/බෙරව |
බෙර
ගැසීම,නැටුම්,නක්ෂත්‍ර
වැඩ |
3.000 |
|
|
12 |
බත්ගම/පදු |
කුලී
වැඩ,ගෘහ සේවය |
18.000 |
|
|
13 |
කින්නර |
පැදුරු
ව්වීම |
0.300 |
|
|
14 |
රොඩී |
සිගා කෑම |
0.001 |
|
|
එකතුව |
100.000 |
|||
(උපුටා ගැනීම: සිල්වා,කාලිංග
ටියුඩර්(1997) කුලය,පංතිය හා වෙනස්වන ලංකා සමාජය , මහනුවර :ප්‍රජා අධ්‍යාපන කවය, පිටු 30
ඉහත කුල ධුරාවලියේ සිටින ඒ ඒ
කුල පිළිබඳව කෙටියෙන් සලකා බැලීමෙන් සිංහල කුල ධුරාවලිය තුළ පවත්නා සංකිර්ණත්වය
වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත.

Comments
Post a Comment