About me

මා ගැන



මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්්‍යයකු වන අතර සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරමින් සිටිමි. සමාන්‍ය  පෙළ දක්වා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහලෙනුත් අනතුරුව උසස්  පෙළ සඳහා ගම්පහ බණ්ඩාරණායක විදුහලෙනුත් අධ්‍යාපනය ලැබුවෙමි.

ඉතිං සමාජ විද්‍යා විශේෂ උපාධිය හදාරන ශිෂ්්‍යයකු වශයෙන් සමාජය පිලිබඳ ව යථා ස්වාභාවයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පැවතිය යුතු ය. මේ ලිපි මලාව තුලදි මෙරට පැවති කුල ක්‍රමය සම්බන්ධයෙන් අවදානය යොමු කරනු ලැබේ. ඒ අනුව අප ජීවත් වන අද සමාජය තුල ද විවිධාකාර වු  කුල බෙදීම් පවතින බව කිව යුතු ය. කෙසේ නමුත් මේ කුල බෙදීම් අද  ඊයේ ඇති වුවා  නොවෙයි. ඒ අනුව අතීත සමාජයේ සිට පැවත එන්නක් ලෙසින් මේ කුල ක්‍රමය දැක්විය හැකි වේ. ඒ අනුව කුල ක්‍රමය සම්බන්ධයෙන් මෙහි ඵල වන ලිපි ඉතා වැදගත් යැයි සිතමි. මේ මාතෘකාවෙන් අනතුරුව තවත් මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් ඔබේ අවදානය යොමු කිරිමට බලාපොරොත්තු වෙමි. 

Comments

Popular Posts