කුල ධුරාවලිය
i. ගොවිගම කුලය සිංහල කුල ධුරාවලියේ ඉහළින්ම සිටින ගොවිගම කුලය සමස්ථ සිංහල ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරයි.ගොවි කුලයට කුල ධුරාවලිය තුළ හිමි වු ප්‍රමුඛ තැන නිසා එම කුලය ඇතැම් විටක කොතරම් බලවත් වුයේද යත් රාජ්‍යත්වය ඉසිලු ක්ෂත්‍රියන්ට පවා ඔවුන් තර්ජනයක් වූ බව නිශ්ශංකමල්ල රජු ක්ෂත්‍රියන්ම රජකමට තෝරාගත යුතු බවත් ගොවි කුලයේ අය රාජ්‍ය ලීලාව නොපැවතිය යුතු අය යැයි ලේඛනගත කොට ඇති බව එම්.බී. ආරියපාල සඳහන් කොට ඇත. ගොවි කුලයේ ව්‍යාප්තිය පිළිබඳව සැලකීමේදි වෙරළබඩ කලාපයේ කරාව , සලාගම සහ දුරාව කුල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශත් , රට අභ්‍යන්තරයේ ඇතැම් කුල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශත් (උදා- සබරගමු පළාතේ වහම්පුර කුලය බහුල වශයෙන් ව්‍යාප්ථ වී ඇති ප්‍රදේශ) හැරුණු විට සිංහල ජනතාව ජිවත්වන අනෙකුත් සෑම ප්‍රදේශයකම ප්‍රමාණාත්මක වශයෙන් විශාලතම කුලය ගොවිගම කුලය බව හඳුනා ගත හැක. වචනාර්ථයෙන් කියවෙන පර...