කුලයෙහි සම්භවය....
කුලයෙහි සම්භවය....
මිනිස්
වර්ගයා අතර කුලය පිළිබඳව අදහස මුල් වරට පහළ වුයේ කෙසේද? යන්න
පිළිබඳව නිශ්චිත සටහනක් නොමැත.එහෙත් ජනවංසය,නිති නිගණ්ඩුව
වැනි පුරාතන ලේඛනයන්හි ඒ පිළිබඳව තැනින් තැන කියවෙන රසවත් මතාන්තර එකිනෙකින් වෙනස්
වන පෙනුනද ඒවායින් යම් නිශ්චිත අදහස් ඇතිකර ගැනිමෙහිලා අධාරයක් සපයන බවක් කිව හැක.මෙම
ලේඛනයන් වල දක්වන්නේ “කුලයේ සම්භවය සිදුවුයේ අපේ
මුතුන් මිත්තන්ගේ ප්‍රාග්තම දුශ්ඨත්වය නිසාය.”
දිගුකලක් සහඡීවනයෙන් නිහඩ
දිවිපෙවෙතක් ගත කළ ඔවුහු කඩයිම අයිතිය පිළිබඳ බලකාමී අදහස ඇති කර ගැනිමෙන් පසුව
එකිනෙකා කුලල් කාගන්නා තත්වයට පත් වුවෝය. මෙම කෝලහාල සංසිදුවීම,ආරවුල්
විසදීමට ඔවුන් අතරින් විසදිමට ඔවුන් අතරින් උස,මහත ඇත්තා
වු ප්‍රඥාවන්ත පුරුෂයෙකු තෝරාගෙන ඔහු “මහාසම්මත” ලෙස නම් කීරිය. ඔහුගේ නඩත්තුව වෙනුවෙන් ජනතාව බදු මුදලක් ලබා දුනි.
මෙම එකමුතුව කුල වශයෙන් බෙදි කටයුතු කිරිමට මිනිසුන් පෙළඹවු අයුරු නිති නිගණ්ඩුව
මෙසේ විග්‍රහ කරනු ලබයි.
එකල්හි සියල්ලන්ගේම
ක්ෂේත්‍ර වලට අධිපති බැවින් ක්ෂත්‍රිය යැයි කි හෙයින් ක්ෂත්‍රිය නම් විය. මෙසේ ප්‍රථමයෙන්
රජ,යුවරජ,සෙනවිරත්,භාණ්ඩාගාරිකාදි
අමාත්‍යයන් සැදු ඔවුන්ට ආරක්ෂාව පිණිස ආයුධ සැදුහ. සමහර අය වෙළදාම් කර රැකෙන
හෙයින් ඔවුන්ට “වෙළඳ කුලය” ලෙස නම් කීරිය. සමහරු ගොවිතැන් කොට ජිවත් වු හෙයින් ඔවුන් “ගොවිගම් කුලය” නම් විය.
මෙසේ හතරවංශය ප්‍රභේදනය
විය. ඒ අනුව තම අභිමථාර්ථ මත තමන්ට කළ හැක්කා වු යම් යම් ආර්ථිකමය කෘත්‍යන්
අනුසාරයෙන් පුරාතන ප්‍රජාව විසින්ම නියම කරගත් බවයි. එහිදි ඔවුන්ගේ පොදු අරමුණු
නිසි සේ සාක්ෂාත් කරගනු වස් මහාසම්මත පත්කර ගත් ඔවුහු තමන්ගේ පැවැත්මට මෙසේ කුල
පාර්ශවයන් වශයෙන් කෘත්‍යවාදි වුහ. මෙලෙසින් බිහි වු කුල ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ථ
විය. ඉන්දියාවේන් ආරම්භ වු කුල ක්‍රමය ලංකාවටද ව්‍යාප්ථ විය. ඉන්දියාවේ පැවති කුල
ක්‍රමය පිළිබඳ මනුස්මෘතිය මෙලෙස දක්වයි.
“බ්‍රහ්මණෝත්ස්‍ය මුඛමාසිද් - බාහු රාඡන්‍යං කෘතං
ඌරුතදස්ස
යද්වෛශ්‍යං - පද්භ්‍යාම් ශුද්‍රෝ අඡායත”
එනම්
බ්‍රහ්මණ,ක්ෂත්‍රිය,වෛශ්‍ය හා ශුද්‍ර යන්නයි. මීට සමාන තත්වයක්
ලංකාවේද පැවති බවට විශ්වාස කළහැක. ඒ අනුව ක්‍රි.පු 5 වන සියවසේ ඉන්දියාවේ සිට
ලංකාවට ආ ආර්යයන් එම සමාජයේ පැවති විවිධ පංතිවල උසස් පහත් භේදය ආදියද මේ රටට ගෙන ආ
බවට සැක නැත.ඉන්දියාවේ දක්නට ලැබෙන බ්‍රහ්මණ,ක්ෂත්‍රිය,වෛශ්‍ය
හා ශුද්‍ර යන සිව් වැදැරුම් කුල ක්‍රමයට අනුරුපව ලංකාවේද රජ,බමුණු,වෙළඳ,ගොවි ආදි
වශයෙන් කුල පැවති බව ජනවංසය,නිති නිගණ්ඩුව වැනි පුරාතන
ලේඛනයන් දක්වයි.මහින්දාගමනයට පෙර ඉහත කී බ්‍රහ්මණ,ක්ෂත්‍රිය,වෛශ්‍ය හා ශුද්‍ර වශයෙන් කුල පැවති බවට විශ්වාස කළ හැක.කෙසේවෙතත්
විජයගේ ඇවැමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාමනයත් සමඟ මෙරටට පැමිණියා වු
විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින්ද යළිත් වරක් වඩාත්
විස්තීර්ණව ව්‍යාප්ත කළ බැව් පෙනේ.
කෙසේ නමුත් ලංකාවේ කුල ක්‍රමයේ ප්‍රරාම්භක තත්වය
තවදුරටත් විමසා බැලීමේදි පැහැදිලි වන කරුණක් වන්නේ බොහෝ කුලයන් ගෝත්‍රික හෝ ජාතික
සම්භවයක් දක්වන බැවින් කුලයන් වෘත්තීන් පදනම් කරගෙනම ඇති වු බෙදිමෙන් තොරවේය
යන්නයි.
ප්‍රකට ඉතිහාසඥයකු වන මෙන්දිස් මහතා මෙම අදහස පල කරමින්
කියා සිටියේ යම් යම් ගෝත්‍ර ලංකාවේ ස්ථිර වාසයට ඒමට පෙර කුල වලට හැරුණු බවයි.ඒ
අනුව පැහැදිලි වන්නේ ලංකාවට ඒමට ප්‍රථම ඉන්දියාවේ යම් යම් ශිල්පීය කර්මාන්තයන්ට
හුරුව සිටි ගෝත්‍රික පිරිස ලංකාවට පැමිණිමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව
ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණික වෘත්තීමය අංශ පදනම් කරගෙන වෙන වෙනම සංවිධානය
වීමට පටන් ගත් බවයි.ඒ අනුව ඒ ඒ ප්‍රදේශ වල විසිර ඇත්තා වු භෞතික සම්පත් හා පවතින
රැකියා අනුව මෙන්ම තම හැකියා අනුව වෙනම සංවිධිත වු පිරිස ලෙස සංවිධානය වන්නට ඇතැයි
විශ්වාස කළ හැක.
බ්‍රයිස් රායන් නම් ප්‍රවීණ මානව විද්‍යාඥයා
නුතන ලංකාවේ කුලය පිළිබඳ කරනු ලැබු ආනුභවික අධ්‍යනයන්හි මීට සමාන අදහසක් පල කර
ඇත.මෙලෙස කුලයන් සමාජය තුළ බිහි වු බව අපට පෙන්වා දිය හැක.කුලය යන අදහස ගෙන දෙන “Caste” යන වචනය ගෝත්‍රය,වංශය,පවුල යන අරුත් දෙන පෘතුගිසි වචනයකි.16වන සියවසේ ඉන්දියාවට පැමිණි
පෘතුගීසිහු හින්දු සමාජය එකිනෙකාගෙන් වෙන් වු කොටස් ගණනාවකට බෙදි සිටිනු
දුටුවෝය.මේ කණ්ඩායම් සහිත බෙදිම හැඳින්විම උදෙසා ඔවුන් “Caste” යන වචනය භාවිතා කළහ.
Ø
ඉන්දීය කුල ක්‍රමයේ සම්භවය...
ඉහතින් සරලව කුල ක්‍රමය බිහි වු අකාරය දැක්වීමු.දකුණු
ආසියාවේ ප්‍රධානතම මානව සමාජය වන ඉන්දියානු මානව සමාජය ඉතා දැඩි ලෙස ප්‍රධාන සහ
අතිශය සංකීර්ණ මෙන්ම අවුල් සහගත භාවයකින්ද යුක්තය.ඉන්දියානු ජන සමාජය තුළ හදුනාගත
හැකි මෙම සංකිර්ණ ස්වාභාවය මත පදනම් වු සමාජ බෙදිම සරලව විග්‍රහ කිරිමට යාම තුළ
සිදු වන්නේ එම ජන සමාජය හා බැඳුනු සමාජ යථාර්තය විකෘති කර දැක්වීමත් බව ප්‍රකට
ඉන්දීය සමාජ විද්‍යාඥයකු වන එස්.සී ඩුබේ සඳහන් කරයි.
සමාන්‍යයෙන්
ඉන්දියානුවෙක් යනු විවිධ වු සමාජ සංදර්භයන් තුළ බහුවිධ සමාජ අනන්‍යතාවන් දරා
සිටින්නෙකි.භාෂාව,ආගම,සිරිත් විරිත් හා සම්ප්‍රදායන්,පවුල් නාමය වැනි සාධක ඉන්දියානුවකුගේ අනන්‍යතාවය තීරණය වීම සඳහා ප්‍රධාන
වශයෙන්ම බලපාන්නා වු සංරචකයන් අභිබවා සමස්ථ ඉන්දියානු සමාජය පුරා දැවැන්ත සෙවණැල්ලක්
සේ පැතිර පවත්නා වු ද පුද්ගල අනන්‍යතාව තීරණය වීම සඳහා අතිශය වැදගත් ලෙස බලපාන්නා
වු සංරචකය කුලයයි.
ඉන්දියානු
කුල ක්‍රමය ඉපැරණි හින්දු ආගමික සම්ප්‍රදායන් සහ වෙනත් සමාජිය හා සංස්කෘතික මුලාශ්‍රයන්
ආශ්‍රයෙන් ගොඩනැගුණකි.මේ අනුව ඉන්දියානු කුල ක්‍රමය ඉතා දිර්ඝ කාලයක් තිස්සේ පැවත
එන සංකිර්ණ සම්ප්‍රදායන් රාශ්‍රියකින් ද සමාජ සංස්කෘතික නිශේදනයන් නැතිනම් තහංචි
හා සීමාවන් රාශ්‍රියකින් සමන්විතය.සී.ජේ. පුලර් පෙන්වා දෙන අකාරයට එසේ
ඉපැරණි ඉන්දියානු හින්දු ආගමික සම්ප්‍රදායන් සහ වෙනත් සමාජීය හා සංස්කෘතික මූලාශ්‍ර
ආශ්‍රයෙන් ගොඩනැගුණු ඉන්දීය කුල ක්‍රමය සහ ඒ හා බැදුණු සම්ප්‍රදායන් සමාජ
සංස්කෘතික නිශේදනයන් නැතිනම් තහංචි සහ සිමාවන් හින්දු ආගමික භක්තිකයන් අතර පමණක්
නොව මුස්ලිම් වරුන්,කතෝලික භක්තිකයන්,සික්
භක්තිකයන් ඇතුළු අනිකුත් සියළුම ඉන්දියානු ආගමික සම්ප්‍රදායන්ට අයත් ජන කොටස්
කෙරෙහිද බලපා ඇත.(Fuller, 2003 477) මෙවැනි තත්වයක් මත
ඉන්දියානු මානව සමාජය පිළිබඳව අධ්‍යනය කළ සියළුම මානව විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන්
පාහේ ඉන්දියානු කුල ක්‍රමය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට හෝ සටහන් ලියා
තැබීමට උත්සුක වී ඇති බවට ප්‍රකට ඉන්දීය සමාජ විද්‍යාඥයකු වන දීපන්කර් ගුප්තා
(Guptha, 2007 2) පෙන්වා දෙයි.
Caste යන වචනයෙන් හැඳින්වෙන
ඉන්දීය කුල ක්‍රමය අතිශය සංකීර්ණ බෙදිම් රාශ්‍රියකින් යුක්තය. පුරාණ ආගමික ග්‍රන්ථයන්
සහ සමාජ නිති සංග්‍රයන් තුළ කුල ක්‍රමය මත පදනම් වන සමාජය සම්බන්ධයෙන් ආකෘතියක්
ඉදිරිපත් කර ඇති නමුදු එකී පුරාණ ආගමික ධර්ම ග්‍රන්ථ හා සමාජ නිති සංග්‍රහයන්
විසින් අනුමත කළ සමාජ බෙදිම් සහ චර්යාවන්ට පරිභාහිර සමාජ බෙදිම් සහ චර්යාවන්
රාශියකින්ද ඇතැම් විටෙක සම්මත ආකෘතිය මඟ හැරිමට අනුගමනය කළ ක්‍රියා පිළිවෙත්
රාශියකින්ද ඉන්දියානු සමාජය සමන්විත බව එස්.සී. ඩුබේ පෙන්වා දෙයි.එසේම
සමස්ථ ඉන්දියානු සමාජය තුළ කුල සම්ප්‍රදායන් ඒකාකාරි ස්වරුපයකින් ක්‍රියාත්මක
වන්නේ යැයි ද කිව නොහැකිය.මේ නිසාම ඉන්දියානු කුළ ක්‍රමය පිළිබඳ සරල විග්‍රහයක්
කරා යොමු වීමෙන් සමාජ යථාර්තය විකෘති විමක් සිදුවන බවද එස්.සී. ඩුබේ දක්වයි.කෙසේ
වුවත් ඩුබේට අනුව ඉන්දියානු සමාජය ගැන අධ්‍යනය කළ බොහෝ දෙනෙකු කුල අකෘතිය සරල කර
ඇත.(Dube,
2005 47) එහි අනිවාර්ය
ප්‍රතිඵලය කුල ක්‍රමයේ සංකිර්ණතාව නිවැරදි අකාරයෙන් නිරුපණය නොවීමයි.
ඒ අනුව ඉන්දියාව වු කලි කුල ක්‍රමය දරුණුව පැවති ආසියාතික රටක් ලෙස
හදුනා ගත හැකිය.ඒ අනුව ඉන්දියාවේ මුලින් ආර්ය හා අනාර්ය වශයෙන් මුලින් බෙදිම් 2ක්
පැවතුනි.ඒ අනුව ආර්යයන් යනු සුදු හම ඇති මිනිසුන් වේ.ඔවුන් උසස් යැයි සලකනු ලැබීය.
ඔවුන් උතුරු ඉන්දියාව තුල වාසය කිරීය. අනෙක් පිරිස වුයේ අනාර්යයන්ය. ඔවුන් කළු හම
ඇති මිනිසුන් ලෙස සලකනු ලැබීය. ඔවුන් පහත් යැයි සලකනු ලැබීය.ඊට අමතරව ඉන්දියාව තුළ
සතර වර්ණයකින් යුක්ත වු කුල ක්‍රමයක් පැවතුනි.ඒ සම්බන්ධයෙන් මනුස්මෘතිය තුළ කරුණු
දැක්වෙයි.ඒ අනුව මෙම කුල සතරෙහි ප්‍රභවය පිළිබඳ මනුස්මෘතියේ 10වන මණ්ඩලයෙහි මෙලෙස
සඳහන් වෙයි.එය සම්පුර්ණයෙන්ම වාගේ නිර්මාණවාදි වු ඉගැන්වීමක් විය.ඒ අනුව,
“බ්‍රහ්මණෝත්ස්‍ය මුඛමාසිද් - බාහු රාඡන්‍යං කෘතං
ඌරුතදස්ස
යද්වෛශ්‍යං - පද්භ්‍යාම්
ශුද්‍රෝ අඡායත” වශයෙනි.
එලෙසින් බ්‍රහ්මණ නිර්මාණවාදි ඉගැන්විම තුළින් කුල ක්‍රමයේ
ප්‍රභවය කියා පැවේය.ඒ අනුව,
·
මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් - බමුණු කුලය
·
මහා බ්‍රහ්මයාගේ දෙබාහු වලින් - ක්ෂත්‍රිය කුලය
·
මහා බ්‍රහ්මයාගේ දෙකලවා වලින් - වෛශ්‍ය කුලය
·
මහා බ්‍රහ්මයාගේ යටි පතුල් වලින් - ශුද්‍ර කුලය
වශයෙනි.ඒ අනුව මහා බ්‍රහ්මයාගේ ශරිරයේ ස්ථාන වලින් මෙම
සතර කුලය බිහිවු බව එහි දක්වනු ලබයි.මෙලෙසින් නිර්මාණවාදි වු වශයෙන් තදබල කුල ක්‍රමයක්
ඉන්දියාවේ පැවති බව පෙන්වා දිය හැක.ඒ අනුව ඉහළම කුලය බමුණන් වු අතර ඔවුන්
රජුන් හට උපදෙස් දෙමින්,යාග කරමින්,ඉගැන්වීමේ කාර්යය
කරමින් යනාදි සමාජයේ ප්‍රමුඛ තත්වයක හිමිකාරිත්වය ලබා ගනු ලැබීය.ඒ අනුව ඔවුන් සමාජ,ආර්ථික,දේශපාලනික යනාදි සැම අංශයකම
හිමිකාරිත්වය ලබා ගත් බව පෙන්වා දිය හැක.ක්ෂත්‍රියන් බමුණන්ගෙන් උපදෙස් ලබා
ගනිමින් සිය රාජ්‍ය පාලනය සිදු කරනු ලැබීය.ඔවුන් සමාජය පාලනය කරනු ලැබු පිරිස
වේ.ඊට අමතරව ඉගනගැනිම හා යාග කිරිමේ අයිතියද මොවුන් ට පැවතුණි.වෛශයන් කෘෂිකර්මාන්තය,සත්ත්ව පාලනය ආදි වු ආර්ථික අංශය සොයා බලමින් ආර්ථිකය ගොඩනගා ගැනිමට
සිය දායකත්වය ලබා දුනි. ඊට අමතරව ඉගනගැනිම හා යාග කිරිමේ අයිතියද මොවුන් ට
පැවතුණි.සමාජයේ පහත්ම කුලය ලෙස සලකනු ලැබුයේ ශුද්‍ර කුලයයි.ඔවුන්ගේ කාර්යය
භාරය වුයේ ඉහළ කුලයන්ට බැල මෙහෙකම් කිරිමයි.ඔවුන් සමාජය තුළ පිඩිත වු කොටස ලෙස සැලකිය
හැක. මොවුන්ට සමාජය තුළ සැලකුම් ලැබ හැකි කිසිම කාර්යයක් කළ නොහැකි විය.
මෙලෙසින් බමුණන් සමාජයේ ඉහළ ස්ථානය හිමි කර ගනිමින්
අන් කුල තමා යටතට ගනිමින් කටයුතු කටයුතු කළ බව පැහැදිලි වේ. මෙලෙස ඉන්දියාවේ කුල
ක්‍රමය ඉතා දැඩි ස්වරුපයෙන් පැවති අතර මෙම කුලයන්හි බලපැම ලංකාවටද එල්ල වු බව පෙන්වා
දිය හැක.ලංකාවට මේ අකාරයට නොව මේ හා සමාන අයුරින් කුල ක්‍රමය පැවති බව පෙන්වා දිය
හැකි වේ.ඉන්දියාව තුළ පැවති මේ කුල ක්‍රමය ලංකාවට පැමිණියේ කෙසේද? යන්න
පිළිබඳව විමසා බැලිය යුතු වේ.ඒ අනුව මෙරටට පැමිණි සංක්‍රමණ ඔස්සේ මෙන්ම ආක්‍රමණ
හරහාද මෙරටට ඉන්දියානු කුල ක්‍රමය පැමිණි බවට විශ්වාස කළ හැකිය.අනුරාධපුර රාජධානි
සමයේ සිටම මෙරටට මෙම පැමිණිම් සිදු වු බව පෙන්වා දිය හැක.ඒ අනුව සුරතිස්ස රජු කළ
එල්ල වු සේන ගුත්තික ආක්‍රමණ තුළින් පළමුව දකුණු ඉන්දිය පිරිස් පැමිණි බව පෙන්වා
දිය හැක.අනතුරුව එල්ල වු එළාර ආක්‍රමණ,සත්ද්‍රවිඩ ආක්‍රමණ,කරිකාල චෝල ආක්‍රමණ,ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණ ආදි
වු ආක්‍රමණ තුළින් මෙරටට දකුණු ඉන්දිය පිරිස් පැමිණි බව පෙන්වා දිය හැක.මෙලෙස
පැමිණි පිරිස් නැවත සිය මව්රටට නොගොස් ලංකාවේ උතුරු පෙදෙස් වල වාසය කිරිය.එමෙන්ම
දේවානම්පියතිස්ස රජු කළ සිදු වු මහින්දාගමනය තුළ මෙන්ම දුමින්දාගමනය තුළින් ද
මෙරටට විවිධ කුල වල පිරිස් පැමිණි බව පෙන්වා දිය හැක.ඒ තුළ ලංකාවේ විවිධ කුල ව්‍යාප්ථ
වු බව පෙන්වා දිය හැක.කෙසේ නමුත් ඔවුන් ලංකාව තුළ ඉන්දියාවේ පැවතියා මෙන් තදබල
කුල ක්‍රමයක් සහිතව ව්‍යාප්ථ නොවු බව පෙන්වා දිය හැක.ඊට හේතුව බුදු දහමෙන් ලැබුනු
අභාෂය බව පෙන්වා දිය හැක. ඔවුන් මෙරටට පැමිණි පසු ඔවුන්ගේ හැකියා අනුව ව්‍යාප්ථ වු
බව පෙන්වා දිය හැක. එක්තරා අයුරකින් මොවුන්ට තම කුලය වෙනස් කර ගැනිමේ හැකියාවක්ද
මේ ඔස්සේ ලැබුණු බව එක්තරා අයුරකින් විශ්වාස කළ හැකි වේ.එමෙන්ම ඔවුන් ව්‍යාප්ථ
වීමේදි ඒ ඒ ප්‍රදේශ වල පැවති සම්පත් වල ව්‍යාප්ථියද බලපැ බව විශ්වාස කල හැකිය.ඉන්දියාව
තුල තදබල කුල ක්‍රමයක් පැවතියද ලංකාව තුල එලෙස නොවු බව පෙන්වා දිය හැක.තමන් කල රැකියාවට
පදනම් වු කුල ක්‍රමයක් මෙරටට තුල පැවතුනි.ඒ අනුව සිංහල කුල ක්‍රමය පහත පරිදි විග්‍රහ
කළ හැක.
Comments
Post a Comment