සමාඡයක් යනු සංකීර්ණ ඡන
සබදතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසීගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාඡ ක්‍රියාවන්
හා ඒවායේ ප්‍රථිපල ලෙසින් ගොඩනැගි පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙසේ
පුළුල් පෘතුල ඡන සංයුතියක් වශයෙන් සමාඡය ගොඩනැගී පැවතිම නිසා එම ඡන සබදතා හා
ආයතනික රටාවන් පිළිබදව එක්තරා පෙළ ගැසිමක් දැකිය හැකිය.එකපිට එක වැටුණු තට්ටු
පරිද්දෙන් උස් පහත් ස්වරුපයන් දැකිය හැකි වු මෙම ස්ථරගත බව සමාඡිය ප්‍රතිලාභයන්ගේ
අසමාන වු ව්‍යාප්තියට අනුරුපව සමාඡය තුළ ආරම්භයේ සිටම දක්නට තිබු බවට සාධක ඇත.පුද්ගලයාගේ
උස් පහත් බව,බන්ධු වර්ගයාගේ සමාඡිය මට්ටම ආදි වශයෙන් සමාඡය පුරාම පොදුවේ විද්‍යමාන
මෙකි ස්ථරායනයෙහි එක් ස්ථරයකි.කුලය(caste) නමින් සමාඡ
විද්‍යාවෙහි හදුන්වනුයේ සමාඡයේ බහුතරය විසින් උසස් යැයි දෙනු ලබන ඓතිහාසික වු
අගයන් සහිත පිරිස් කුලීනයන් ලෙසත් එම පිරිස විසින්ම නිශ්චිත මිනුම් පදනම්
කර පහත් යැයි නිර්වචනය කරනු ලබන පිරිස් කුල හීනයන් ලෙසත් හදුන්වනු ලැබීය. ඒ
අනුව ගත් කල කුලය ලෙස සලකන්නේ සමාඡයේ පිරිස් විසින්ම ගොඩනගා ගත්තක් බව අපට පෙන්වා
දිය හැක. දකුණු ආසියාතික සමාඡවලට ආවේණික වු සුවිශේෂිත්වයක් කුලයට හිමි වන්නේ ප්‍රධාන
ස්ථානයකි.කුලය පිළිබද මානව විද්‍යාත්මක පර්යේශනයන්හී නියැලුනු ප්‍රවීන මානව විද්‍යාඥ
ඒ.එල්. ක්‍රෝබර් නම් මානව විද්‍යාඥයාට අනුව “කුලය
ඡාතිය වු ඒකකයකි, එවැනි ඒකකයක අන්තර් ජනසමය හා පාරම්පරික
උපශාඛාවන් පවතී. එවැනි ඒකකයක් එක්කෝ උසස් තත්වයක්,සමාඡිය
ගෞරවයට අනුව භුක්ති විදී. ඒ අනුව එක් උප ශාඛාවක් තවත් ශාඛාවකින් ගරුත්වය අනුව වෙන්
කිරිමක් කෙරේ.” යනුවෙන්
පෙන්වා දුනි. මීට අමතරව කුලය සම්බන්ධයෙන් මත ඉදිරිපත් කළ මානව විද්‍යාඥයෝ ගණනාවක්
සිටී. “කුලය යනුවෙන් කුමක් අදහස් වන්නේද?” යනුවෙන් ලියු පර්යේශනාත්මක ලිපියෙහි කුලය හදුනාගත හැකි ලක්ෂනයන් 3කට
සීමා කර මෙසේ දක්වා ඇත.
1. කුලය ශ්‍රම විභජන
පද්ධතියක් බව
2. කුලයක් අන් කුලයකින්
වෙනස්ව හදුනාගත හැක්කේ ආර්ථික,දේශපාලන හා චාරිත්‍රමය සබඳතාවකට පත්
වී ඇති අකාරය අනුව බව
3. කුල ක්‍රමය තුළ ව්‍යුහමය
සංවිධානයක් පවතින බව
මෙතුලින් ලීච් කුල ක්රමය එක්තරා ආර්ථික පදනමක් පවතීය යන අදහසයි.ඒ ඒ කුල වලට ආවේණික වු ,ආරෝපිත
වු ශිල්ප ක්‍රම හා රැකියා මුළු සමාඡයේම ක්‍රියාකාරිත්වය හා බැඳි පවති. ඒ අනුව එක්
පැත්තකින් කුල ක්‍රමය ස්ථාවර ශ්‍රම විභඡන මාධ්‍යකි.අනික් පැත්තෙන් පුද්ගලයාට තනි
තනිව ඉහළට ගමන් කර නොහැකි වු අනම්‍ය වු සංවිධාන පද්ධතියකි.ස්වාධීනව තනි
පුද්ගලයෙකුට ඉහළ ස්ථරයක් කරා ප්‍රවේශ වීමට ඇති නොහැකියාව මෙහි මුලික ලක්ෂනයයි.
කුලය මත පදනම් වු සමාජ ස්ථාරායන ආකෘතියක් ක්‍රියාත්මක වන
දකුණු ආසියාවේ එකම රට ඉන්දියාව පමණක් නොවේ.ශ්‍රි ලංකාව,නේපාලය
ඇතුළු දකුණු ආසියාවේ සැම මානව සමාජයක්ම අඩු වැඩි වශයෙන් කුල ක්‍රිමයේ බලපැමට ලක්ව
ඇත.ඒ මත පදනම් වු සමාජ ව්‍යුහයක් සහ සංවිධානයක් සෑම දකුණු ආසියානු සමාජයකම හඳුනා
ගත හැකිය. කුල ක්‍රමය නිශේදනිය ලෙස පහළ කුල වලට බලපැම් කිරිම මේ සැම රටකම හඳුනා ගත
හැකි තත්වයකි.සම අධ්‍යාපන සහ සම රැකියා
අවස්ථා ඇති කිරිම,දිප ව්‍යාප්ත සමාජ සුභසාධන සේවවාන් දශක
ගණනාවක් ක්‍රියාත්මක වීම නිසා ශ්‍රි ලංකාවේදි කුල ක්‍රමය අනුව ගොඩනැගුණු සමාජ ව්‍යුහය
හා සංවිධානය විසින් පහළ කුල වලට අයත් වුවන් පිඩාවට පත් කරනු ලැබිම සැලකිය යුතු
මට්ටමකින් අඩු වී ඇතත් එයින් අදහස් කරන්නේ කුල ක්‍රමය හා බැඳුනු පීඩා කිරිමේ හා
පීඩනය වීදිමේ මානසිකත්වය සමාජයෙන් තුරන්ව ගොස් ඇත්තේය යන්න නොවේ.
ශ්‍රි ලාංකික සමාජය තුළ දක්නට ඇති කුල
ක්‍රමය ඉන්දියානු කුල ක්‍රමයේ වක්‍ර වු අභාෂය ලැබුවක් සේ සැලකිමට කරුණු ඇත. වර්ණ
හා ඡාති වශයෙන් දෙයාකාරව බෙදි ගිය ඉන්දියානු මුලිකකුල පද්ධතිය ශ්‍රි ලාංකාව තුළ “ඡාති” සංකල්පය පදනම් කරගෙන
බෙදි ඇත. මෙලෙස කුල ක්‍රමය පිළිබඳව සරල වු හැදින්වීමක් අපට කළ හැකිය

Comments
Post a Comment